-4.8 C
New York

රජයේ සේවකයන් කාර්යාල පැමිණීම සීමා කිරීමට සාකච්ඡාවක්

Published:

රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම හෙට (27) සිට සීමා කිරීමට සිදුවනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසයි.

ඔහු පවසන්නේ කොරෝනා වසංගතය යළි ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් රාජ්‍ය සේවකයන් කාර්යාලවෙත කැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. එහි අවසන් තීරණය පිළිබඳ කඩිනමින් සියලු දෙනා දැනුම්වත් කරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

ශ්‍රී ලංකාවේ කොරෝනා පළමු සහ දෙවැනි රැල්ල පැවැති කාලයේ දී ද කාර්යාල සේවකයන් පැමිණීම සීමා කර තිබූ අතර ඇතැම් කාර්යාල දින කිහිපයක් වසා දැමීමට ද කටයුතු කෙරිණි. 2020 අප්‍රේල් මාසයේ සිට එවැනි සීමා කිරීම් සිදුවූ අතර යළි සියලු රාජ්‍ය සේවකයන් කාර්යාල සඳහා වාර්තාකිරීම සිදුවූයේ 2021 මාර්තු මස 08 වැනි දින සිටය.

Related articles

Recent articles

spot_img