-5.2 C
New York

සියලු පාසල් වසා දමන්න යැයි විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු ඉල්ලති

Published:

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරයන ආකාරය සැළකිල්ලට ගනිමිනි අවම වශයෙන් ඉදිරි දින 02ක කාලය සියළුම පාසල් තාවකාලිකව වසා තබන්න යැයි ශ්‍රී ලංකාවේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය රජයෙන් ඉල්ලා සිටියි.

එහි සභාපති සහ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි පවසන්නේ කොරෝනා වසංගතය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමට පෙර මහජනයා රැස්වන සියළු අවස්ථා නවතා දැමිය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.

“පාසල් අධ්‍යාපනය යනු විශාල පිරිසක් රැස්වන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ළමා ජනගහණය සමස්ත ජනගහනයෙන් 25%ක් වනවා. ඔවුන් කෙටි කාලයක් මේ වසංගතය පාලනය වනතුරු නිවෙස්වල තබා ගැනීම වඩාත් සුදුසුයි. රෝගය පැතිරීම පාලන කිරීම කෙරෙහි එය වැදගත් වෙනවා. එය බොහෝ නගර හුදකලා කිරීමකට සමානයි.”

සියලුම පාසල් වසා දැමීමට තීරණය කිරීම බොහෝ ජීවිත බේරාගැනීමේ මාර්ගක් බවත් එම තීරණය ගැනීම ප්‍රමාද නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

Related articles

Recent articles

spot_img