-5.9 C
New York

ගුරුවරියක් පුතුගේ උපන්දිනයට අයිස් හා ගංජා සමඟ සාද පවත්වා අත්අඩංගුවට

Published:

කො‍ළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කෙ‍ාරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් තිබිය දී නිවසක උඩු මහ‍ළක තරුණ තරුණියන් පිිරිසකගේ සහභාගීත්වයෙන් සාදයක් පැවැත්වෙන බවට වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහි දී සැකකාර ගුරුවරිය, ඇගේ පුතුන් දෙදෙනා සහ තවත් තරුණ තරුණියන් පිරිසක් ද සිටින බව පොලිසිය පවසයි. මෙම ගුරුවරිය වයස අවුරුදු 42ක කාන්තාවක බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 හා 23 අතර පිරිසක් ද සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා ග්‍රෑම් 245 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට ගෙන තිබේ.

ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය කියයි

Related articles

Recent articles

spot_img