ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී හඳුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
එසේ වුව ද එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම හෝ ආශ්‍රිතවූවන් නිසි පරිදි පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීම හෝ සිදු නොවන බවට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්ම චෝදනා කරති.
ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වෛද්‍ය නිලධාරී සහ සහකාර වෛද්‍ය නිලධාරීවරයා මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපදෙස් මත ගාල්ල මහ නගර සභා පරිශ්‍රයෙන් බැහැරව කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයක වෙනම කාර්යාලයක් පවත්වාගෙන යති. ඔවුන් දෙදෙනාට මේ පිළිබඳව දැනුම් දුන්නද නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද සිමෙන්ති කර්මාන්තශාලාවේ ප්‍රකාශකයකු කීවේය.
කොරෝනා ආසාදිත බව හඳුනාගත් ඉහත සේවකයන් ද ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ ඔවුන්ට ඇති රෝග ලක්ෂණ අනුව සිදුකරගන්නා ලද පීසීආර් පරීක්ෂණවලිනි. එලෙස සේවකයන් ආසාදිත බව හඳුනාගත් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් ආසාදිත බව හඳුනාගැනීමේ පරීක්ෂණ මෙතෙක් නිසිපරිදි සිදුකර නැත.