කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ 5,119ක් අතරිනි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය මේ වනවිට 17.48% දක්වා ඉහළ අගයක් ගනී. මීට පෙර කොරෝනා ආසාදිතයන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූයේ පීසීආර් පරීක්ෂණ 15,000ක් පමණ සිදුකළ දිනවල දී ය. දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය පැතිරයන ආකාරය සළකා බැලූ විට කොරෝනා දෙවැනි රැල්ලේ ආකාරයට දිනකට පීසීආර් පරීක්ෂණ 15,000ක් සිදුකළහොත් දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 2,600ක් ඉක්මවනු ඇත.
මෙයින් පෙනී යන්නේ මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ දෙවැනි රැල්ලේ දී දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ට වඩා තුන්ගුණයකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවීමට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් මෙරට සියලු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සතියක පමණ කාලයක් ගතවීමට පෙර පිරී ඉතිරී යනු ඇත. දැනට රෝගීන් මේ තරම් ප්‍රමාණයක් වාර්තා නොවන්නේ දිනකට කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 5,000ට ආසන්න ප්‍රමාණයක පැවතීම හේතුවෙනි.
ඊයේ (24) දිනයේ දී වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 218 දෙනෙකි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, තලංගම, කොටුව, කොට්ටාව, මොරටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව
දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව150 කි. මේ අතර විදේශ රටවලින් පැමිණි 15 දෙනකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් මෙසේ පවසයි.
“දිනපතාම නැවතත් රෝගීන් වාර්තා වීම 800ක් 900ක් පමණ සිදු වෙනවා. ඉදිරි සති 2ක තුළ දී රෝගීන් වැඩිවීමේ අවදානම ඉතාමත් තදින්ම තියෙනවා. මේ අවස්ථාවේ කරන්න පුළුවන් දේ තමා සියලුම දෙනා හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ නිවසටම වෙලා සිටිම. දැන් තිබෙන්නේ ඉතාමත් අවදානම් තත්ත්යක් කියන එක සැළකිල්ලට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.”