-4.8 C
New York

දියවන්නාවේ ජල දූෂණය සොයන්න කාර්ය සාධක බලකායක්

Published:

අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙමින් තිබෙන දියවන්නා ඔයේ තත්ත්වය සොයාබැලීම සඳහා කාර්ය සාධක බලකායක් පත්කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇල්ගී වර්ධනය වීම තවදුරටත් වැඩි වුවහොත් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හටගැනීමට ඉඩ තිබෙන බවත් එය දියවන්නා ඔයේ ස්වභාවික පරිසර පද්ධතියේ තුල්‍යතාවට බරපතල ගැටලුවක් බන බවත් විශේෂඥයන් අනතුරු අඟවා ඇත. මෙලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුවක් වී ඇත්තේ අවට ප්‍රදේශවලින් අපද්‍රව්‍ය දියවන්නා ඔයට පැමිණීම බව ද සැකකරයි.

මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත්කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් යෝජනාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img