දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා කිහිපයක් rata.lk වෙබ් අඩවිය මගින් හෙළිකිරීමෙන් පසු එහිි සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ විසින් ලියාපදිංචි තැපෑලෙන් අපවෙත ලිපියක් යොමුකර ඇත.
ඇය පවසන්නේ රජයට හා රජයේ ආයතනවලට හා රජයේ නිලධාරීන්ට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් වාර්තා කිරීම අප විසින් සිදුකර ඇති බවයි. (එම සම්පූර්ණ ලිපිය අපි පහළින් පළකර ඇත)
rata.lk වෙබ් අඩවිය මෙරට වෘත්තීය මාධ්‍යවේදීන් විසින් පවත්වාගෙන යනු ලබන එමෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් සහ නීතිවේදීන්ගේ ද අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නා වූ පිළිගත් වෙබ් අඩවියකි. අප කිසිදු තොරතුරක් තහවුරු කරගැනීමෙන් තොරව පළ කරන්නේ නැත. එමෙන්ම යම් පුවතක් පළකිරීමෙන් අගතියට පත්වන පාර්ශවයක් වේ නම් එම පාර්ශවය ද සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ද අදහස් පළකරමින් ඒවා ප්‍රකාශයට පත්කිරීම අප නිරන්තරවම සිදුකරනු ලබයි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේ දී ද අප එම ප්‍රතිපත්තිය තරයේ අනුගමනය කර ඇති අතර සෑම පුවතක දී ම මෙම ලිපිය යොමුකරන ලද දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහගේ අදහස් ද විමසා ඒවා ද ලිපියට ඇතුළත් කර ඇත. එය ඇය ද හොඳින්ම දන්නා කරුණකි.
නමුත් ඇගේ ලිපියේ අංක 01 යටතේ දක්වා ඇති කරුණුවලින් ප්‍රකාශ කර ඇත්තේ අපගේ වෙබ් අඩවිය මගින් දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට, දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවයි. අප වෙබ් අඩවිය මගින් එවැනි අපහාසාත්මක ප්‍රචාරයන් කිසිවක් මෙතෙක් සිදුකර නොමැති අතර මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන අප කණ්ඩායම එවැන්නක් සිදුනොකරන බව ද ඇයට සිහිපත් කරනු කැමැත්තෙමි.
තවද තමන්ට ආදල නොවන ආයතනවලට හා පුද්ගලයන්ට අප වෙබ් අඩවිය මගින් අපහාසයක් සිදුකරනවා යැයි කීමට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයිට කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද අපි ඇයට සිහිපත් කරන්නෙමු. ආණ්ඩුකාරවරයාට හෝ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට හෝ අධ්‍යාපන හා ඉඩම් අමාත්‍යාංශවල නිලධාරීන්ට හෝ යම් අපහාසයක් සිදුව ඇත්නම් ඒ බව දැනුම් දිය යුතුවන්නේ එම පුද්ගලයන් හා ආයතනවලින් විනා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරිය නොවන බව ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම අයකු හොඳින්ම දන්නා කරුණකි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ මෙරට සාමාන්‍ය නීතිය, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා ටෙන්ඩර් පටිපාටි පවා නොදැන කටයුතු කරිමින් ඒ ගැන හෙළි කිරීම සම්බන්ධයෙන් මෙවැනි තමන්ට අදාල නැති කරුණු සම්බන්ධයෙන් ලිපියක් එවීම පිළිබඳ අප පුදුම වන්නේ නැත.
ඇය සිය ලිපියේ අංක 02 කරුණින් දක්වා ඇත්තේ අප තොරතුරුවල නිරවද්‍යතාව පවා සහතික කර නොගෙන අනවධානයෙන් හා වගකීම් විරහිතව කරුණු ප්‍රසිද්ධියට පත්කරන බවයි. rata.lk වෙබ් අඩවිය අප ඉහත දැක්වූ පරිදිම වගකීම් සහිත මාධ්‍යකරණයක නිරතවන අතර මෙහි පළකරනු ලබන සෑම කරුණක් සම්බන්ධයෙන් ම වගකීම් දරනු ලබන බව ද අපි ඇයට සිහිපත් කරන්නෙමු.
එමෙන් ම අප වෙබ් අඩවිය පාඨක අදහස්වලට නිරන්තරවම විවෘතව ඇත. එබැවින් පාඨකයන්ට තම අදහස් නිදහසේ දැක්වීමට ද අප ඉඩ ප්‍රස්ථාව විවරකර තිබේ. පාඨකයන් විසින් දක්වනු ලබන අදහස් සංස්කරණය කරනු ලබන්නේ ඉතාමත් සීමිතව අසභ්‍ය ප්‍රකාශ හා පුද්ගලික අපහාස ඇත්නම් පමණි. යම් පාඨකයකු යම් පුද්ගලයකුගේ නමක් සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශ්‍යක් සිදුකරන්නේ නම් එය ඉවත්කිරීමට අප නොපැකිළිව කටයුතු කරන අතර සත්‍ය තොරතුරු සහ ඔවුන්ට සිදුවන අසාධාරණයන් ප්‍රකාශ කිරීමට අපි වෙබ් අඩවිය තුළ අවකාශ සලසා ඇත. එබැවින් මෙතෙක් අපගේ පාඨකයන් විසින් දක්වා ඇති අදහස් ඉවත්කිරීමට අවශ්‍ය නොවන බව ද තම සීමාවන් හා රටේ නීතිය පිළිබඳ මෙන්ම මාධ්‍ය භාවිතාවේ ආචාරධර්ම අනුගමනය කරන ආකාරයන් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ලිපියක් යොමුකරන ලද සාමාන්‍යාධිකාරීවරයිට දන්වා සිටින්නෙමු.
අප පළකරනු ලබන පුවතකින් ඔබ ආයතනයට හෝ ඔබ හට යම් ආසාධාරණයක් හෝ අපහාසයක් සිදුව ඇතැයි අපි පිළිනොගන්නා බවත් අප වාර්තා කර ඇත්තේ සත්‍ය තොරතුරු බවත් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලබන අතර එබැවින් සාමාන්‍යාධිකාරීවරියගේ ලිපියේ අංක 03 යටතේ දක්වා ඇති ප්‍රසිද්ධ දැන්වීමක් මගින් සමාව ගන්නා ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද දන්වා සිටිමු.
රජයේ ආයතනයක් යනු පොදු මහජනතාවගේ දේපළකි. එවැනි ආයතනයක තම හිතුමතයේ අල්ලසට, දූෂණයට හා වංචාවට යටවී කරනු ලබන ක්‍රියාවන් පිළිබඳ අපි හෙළිදරව් කළෙමු. එබැවින් ජනතාවගෙන් සමාව ගත යුතුව ඇත්තේ එම ආයතනයන්හි ප්‍රධානීන් බව ද මෙහි දී සිහිපත් කළ යුුතුය.
අප විසින් පළකරනු ලබන ලිපිමගින් යම් අපහාසයක් හෝ අගතියක් සිදුව ඇතැයි සිතන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකරන ලෙස ද අප දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දෙන්නෙමු.
එම ලිපියේ 04 වැනි කරුණින් දක්වා ඇත්ත් ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් කඩිනමින් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවන බවයි 2021 අප්‍රේල් මස 23 දාතමින් ලියාපදිංචි තැපෑලෙන් අප වෙත යොමුකර ඇති ලපිිය අප වෙත 24 වැනි දින එනම් අද ලැබුණු අතර හැකි සාමාන්‍යාධිකාරීවරියගේ ඉල්ලීම පරිදිම මෙලෙස කඩිනම් ප්‍රතිචාරයක් දැක්වූ බව ද ප්‍රකාශ කරන්නෙමු.



