-2.1 C
New York

පැතිරයන කොරෝනා ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ නැතිව නිව්මෝනියාව ඇතිවනවා

Published:

කොරෝනා ආසාදනය වූ උණ, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ නැතිවම ඉබේම නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකියැයි ද මෙය ඉතාමත් දරුණු හා භයානක තත්ත්වයක් බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියන්නීය.

ඇය පවසන්නේ මීට ඉහත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු රැල්ලේ සහ දෙවැනි රැල්ලේ කොරෝනා ආසාදිතයන් උගුරේ වේදනාව, ගඳ සුවඳ නොදැනීම, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් කල්තබා හඳුනාගත හැකි වුව ද මෙවර පැතිරෙන කොරෝනා වයිරසයෙන් ආසාදනය වන රෝගීන් එම රෝග ලක්ෂණ නොපෙන්වා පළමුව හුස්ම ගැනීමේ අපහසුතාව සහිතව නිව්මෝනියා තත්ත්වයක් පෙන්වන බවයි.

එබැවින් තත්ත්වය ඉතාමත් භයානක බවත් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තමන් ආරක්ෂාවීම අත්‍යාවශ්‍ය බවත් ඇය පවසන්නීය.

Related articles

Recent articles

spot_img