spot_img
spot_imgspot_img

පාම් ඔයිල් නැවක් කොළඹට ළඟාවෙයි. බදු අඩුකරගැනීමට උත්සාහයක්

පුවත්

විදෙස්

මෙරට සමාගම් හතරක් මගින් ඇණවුම් කරන ලද පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 8000ක් රැගත් නැවක් කෙ‍ාළඹ වරාය ආසන්නයට පැමිණෙමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල් සඳහා පනවා ඇති බදු අඩුකරගැනීමට එම සමාගම් හිමියන් දැඩි උත්සාහයක් දරන බවත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

පාම් ඔයිල් ආනයනය කිරීම මේ වනවිට දැඩි ලෙස සීමා කිරීමට රජය කටයුතු කර තිබේ. එසේ වුව ද ඉහළම නිලධාරීන් පිරිසක් මෙම තහනම හා බදු ලිහිල් කිරීමට එම සමාගම් වෙත සිය එකඟතාව පළකර ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් දේශපාලන අධිකාරිය පාර්ශවයෙන් ඒ සඳහා මෙතෙක් කිසිදු එකඟතාවක් පළ වී නැත. අදාල නැව ශ්‍රී ලංකාව වෙත ළඟා වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!