-5.9 C
New York

රිෂාඩ් බදියුදීන් හා සොහොයුරා අත්අඩංගුවට

Published:

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර හා අනුබල දීම හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවා යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරාවන රියාජ් බදුයිදීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ  පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව මගින් අද (24) අළුයම දී ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද ඔහු පවසයි.

තමන් රැගෙන යාමට මොහොතකට පෙර සමාජ මාධ්‍යජාලා ඔස්සේ අදහස් ප්‍රකාශකරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන් මෙසේ පවසයි.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.

කතානායක දැනුවත් කළාද ඇහුවා.

එයාලා උත්තර දුන් නෑ..!

“ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා.

මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.

පාන්දර දෙක හමාරට තුනට විතර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත්

යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා.

මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්..!

ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා.

එයාලා උත්තර දුන් නෑ.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.

ඒකටත් උත්තර දුන් නෑ.

මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නෑ.

මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ.

මගේ අත් පිරිසිදුයි.”

Related articles

Recent articles

spot_img