spot_img
spot_imgspot_img

දරුණු වී ඇති කොරෝනා වයිරසය ගැන ඔබ දැනගත යුතු ම කරුණු

පුවත්

විදෙස්

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ප්‍රබේදය ඉතාමත් දරුණු බවත් එය ඉතා වේගයෙන් ව්‍යාප්තවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

දැනට පැතිරෙමින් යන ‍වයිරසය වේගයෙන් පැතිරීමට අමතරව එය ආසාදනය වන පුද්ගලයන්ට දරුණු ලෙස රෝග ලක්ෂණ පෙන්වන බව ද වයස් බේදයකින් තොරව අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බව ද මෙම මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කෙරිණි. පළමු රැල්ලේ දී හා දෙවැනි රැල්ලේ දී කොරෝනා ආසාදිත වූ අයගෙන් 80% පමණ රෝග ලක්ෂණ නොපෙන්වුව ද මෙවර ආසාදිත අති බහුතරයකට දරුණු ලෙස රෝග ලක්ෂණ දක්නට ලැබීමත් වැඩි දෙනෙකුට ශ්වසන ආධාරක අවශ්‍යවීමත් මෙහ භයානකත්වය ඉස්මතු කරන්නක් වී තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට වාර්තා වූ කොරෝනා වයිරසය අවස්ථා කිහිපයක දී ම විකෘතිතාවලට භාජනය වී ඇත. ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ලේ දී හඳුනාගත් B.142 ප්‍රභේදයට වඩා මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ලේ දී හඳුනාගත් ප්‍රභේදය ඩෙන්මාර්කයේ හා ස්වීඩනයේ පැතිරී ගිය ප්‍රභේදයට සමානත්වයක් දැක්වීය.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු රැල්ලට හා දෙවැනි රැල්ලට වඩා මෙවර තුන්වැනි රැල්ල වඩාත් භියකරු වන බවයි. ඔවුන් අනුමාන කරන්නේ බ්‍රිතාන්‍යයේ පැතිරයන B.1.1.7 නමැති ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ දැන් පැතිරෙමින් තිබෙන බවකි.

කොළඹ මහ නගර සභාවේ සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පවසන්නේ මෙම වයිරසය පළමුවෙන්ම දකින්න හැකිවූයේ පසුගිය නොවැම්බර් මාසයේ ආසාදිත බව හඳුනාගත් වැල්ලවත්තේ පුද්ගලයකුගෙන් පසුව බවයි. ඉන් පසු දෙසැම්බර් මාසයේ දී තවත් අයකු හමුවූ බවත්. 22 වැනි දා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 73කින් ආසාදිත 08 දෙනකු ආසාදිත බව හඳුනාගත් ඔහු කියයි. මෙම අට දෙනාම මෙම වයිරස ආසාදිත වූවන් වීමෙන් එය පැතිරී ඇති බව තහවුරු කරගත හැකිවූයේය යැයි ද හෙතෙම පවසයි. මේ සියලු දෙනාම හමුවන්නේ ද හුස්ම ගැනීමේ අපහසුතා සහිතව බව ද වෛද්‍ය විජේමුණි පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!