spot_img
spot_imgspot_img

තුන්වැනි රැල්ලේ ආසාදිතන්ගෙන් වැඩි පිරිසක් වයස් බේදයකින් තොරව අසාධ්‍යවෙති

පුවත්

විදෙස්

මෙරට කොරෝනා ‍පළමු හා දෙවැනි රැල්ලේ දී වාර්තා වූ ආසාදිතයන්ට වඩා මෙවර වාර්තාවන ආසාදිතයන් අතර අසාධ්‍ය තත්ත්වයට පත්වන අය බහුල බවත් ආසාදිතයන් වාර්තාවීම සංඛ්‍යාත්මකව ඉහළ බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද 23 පැවැති කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දැනුම්වත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි.

“දැනට පැතිරෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් මීට පෙර අවස්ථා දෙකට වඩා වැඩිපුර දක්නට ලැබෙනවා. ඒ වගේම ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ පෙන්වීම පළමු හා දෙවැනි රැල්ලේ ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමට වඩා වැඩියි. පසුගිය වතාවන් දෙකේම ආසාදිත බව තහවුරු කරගත් අයගෙන් රෝග ලක්ෂණ පෙන්නුවේ 20% තරම් සුළු පිරිසක්. නමුත් දැන් ඒ තත්ත්ය වෙනස් වෙලා. වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්වනවා. අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාව ද ඒ සමඟම ඉහළ අගයක් ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. පළමු හා දෙවැනි රැල්ලේ දී වැඩිපුරම අසාධ්‍ය තත්ත්වයක් පෙන්නුවේ වයස්ගත අය. නමුත් මෙවර එවැනි විශේෂයක් නැහැ. හැම වයසකම අය අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් කී‍වේය.

ඔහු පවසන්නේ වෙවර පැතිරෙමින් පවතින කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රබේදයක්ද කියා සැකයක් පවතින බව ද පෙන්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!