spot_img
spot_imgspot_img

තුරන්කළ මැලේරියාව යළි පැතිරීමේ අවදානමක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මැලේරියා තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද 2021 වර්ෂයේ ගත වූ කාලයේ දී මැලේරියා රෝගීන් 07 දෙනකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

මැලේරියා බෝකරන වාහක මදුරුවන් තවමත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත්වන බැවින් එවැනි රෝගියකුගෙන් ඕනෑම වේලාවක මැලේරියා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ද මැලේරියා මර්ධන ව්‍යාපාරය පෙන්වා දෙයි.

මෙම වසරේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් 07 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් 03 දෙනකු සිටින අතර අනෙක් 04 දෙනා විදේශිකයෝය. විශේෂඥ වෛද්‍ය රණවීර පවසන්නේ ඔවුන් සියලු දෙනාම අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවයි. එක් අයකු හඳුනාගත්තේ අප්‍රේල් 21 බවත් හෙතෙම පාපන්දු තරඟාවලියක් සඳහා ලිබියාවේ සිට පැමිණි අයකු බවත් හෙතෙම කීවේය.

“තවමත් අප්‍රිකානු රටවල වගේම අස්වැසි ඉන්දියාවේ මැලේරියාව තිබෙනවා. ඒ නිසා අපි මැලේරියාව තුරන් කළ රටක් වුණත් අවදානමක් තිබෙනවා. මේ රවටලට සාම සාධක හමුදා ඇතුළු රැකියා සඳහා යන අයත් ඉන්දියාවේ වන්දනාවේ යන අයත් මැලේරියාවට ගොදුරුවිය හැකියි. මැලේරියා රෝග කාරකය සිරුර ඇතුළේ වසරක් පමණ තිබෙනවා. ඒ නිසා එවැනි රටකට ගොස් පැමිණිවිට යම් උණ රෝගයක් ඇතිවුණොත් වෛද්‍යවරයාට තමන් කරන ලද සංචාරය ගැන දැනුම්වත් කරන්න අවශ්‍යයි.”

පසුගිය 2020 වර්ෂයේ දී ද මැලේරියා රෝගීන් 30ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබිණි. ලෝක මැලේරියා දිනය ඉරිදා (25) දිනට යෙදී තිබේ. විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මෙම කරුණු අනාවරණය කළේ ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත් සම්මන්ත්‍රණයක දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!