-4.8 C
New York

සංචරණ සීමා පැනවීමේ සූදානමක් නෑ

Published:

කොරෝනා වසංගතය වැඩි වෙමින් තිබුණ ද සංචරණ සීමා පැනවීමේ හෝ වෙනත් නීති පැනවීමේ හෝ සූදානමක් නැතැයි කොවිඩ් – 19 මර්ධනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින‍්නේ යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයන් බහුලව හමුවන්නේනේ නම් එම ප්‍රදේශ හුදකලා කරන බවයි. එමෙන්ම එළැඹෙන දීර්ඝ සති අන්තයේ දී සංචරණය හැකිතාක් සීමා කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

“හැම පුද්ගලයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවාද නැතිනම් නව නීති පනවනවාද කියලා. දැනට අපට එවැනි කිසිදු බලාපොරොත්තුවක් නෑ. නමුත් අපි මේ මෙහොතේ බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් මහජනතාව එක්රැස් වන තැන්වලට එක්රොක්වීමෙන් වළකින්න. හැකි තරම් නිවසට වී සිටින්න පුළුවන්කමක් තියෙනවා නම්. සති අන්තයේ වුනත් රැකි රක්ෂාවලට යන අයට අමතරව, හැකිතාක් නිවසට වී සිටින්න දීර්ඝ සති අන්තයේ. අපි දන්වා මේ අවස්ථාවේ විවිධ කණ්ඩායම් සංවිධානය කරලා තියෙනවා උත්සව පවත්වන්න අලුත් අවුරුදු සමරන්න, චාරිකා යන්න, මේ අවස්ථාවේ දී රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සංවිධානය කරලා තියෙන දේවල් කිරීමෙන් වළකින්න” යැයි ද හමුදාපතිවරයා කීවේය.

Related articles

Recent articles

spot_img