spot_img
spot_imgspot_img

කොලේ වසා ගැසූ ගෑස් මිල සූත්‍රය, ඇමති බන්දුල දන්නේ නැහැ කියයි

පුවත්

විදෙස්

කිලෝ ග්‍රෑම් 12.5ක් ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 9.5ක් දක්වා අඩුකර එහි මිල රුපියල් 100.00කින් පහළ දමා ඇතැයි ද එම සූත්‍රය කුමක් දැයි පැහැදිළි කරන ලෙස ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර අද (23) වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 12.5ක් ව තිබූ පසුගිය දිනවල එහි මිළ රුපියල් 1520.00ක් විය. එ් අනුව ගෑස් කිලෝ ග්‍රෑමයක වටිනාකම රුපියල් 121.60ක් ලෙස නියම වි තිබිණි. නව යෝජිත මිල සංශෝධනය අනුව සිලින්ඩරයේ බර කිලෝ ග්‍රෑම් 9.5ක් වන අතර මිල රුපියල් 1420.00ක් වෙයි. එ් අනුව ගෑස් කිලෝ ග්‍රෑමයක වටිනාකම රුපියල් 149.47 බවට පත්ව ඇත. ගෑස් සිලින්ඩරයක බර පෙර පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක සීමාවේ තැබුවහොත් එය ගෑස් සිලින්ඩරයක් අළෙවි කිරීමට සිදුවන්නේ රුපියල් 1,868.38කට ආසන්න මුදලකටය. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර අඩුකර කරනු ලබන මිල සංශෝධනය කෙසේ වෙත්ත දැන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 340.00කින් පමණ වැඩි කර තිබේ.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ විට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේ මෙවැනි කතාවකි.

“ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් මම නෙවෙයි. අපේ රටේ ගෑස් සමාගම් දෙකක් තියෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ. මේ මිල තීරණය කරන්නේ මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධීඛෘඍ්‍යී, එවැනි වැඩිවීමක් කර තිබෙනවානම් එම විෂය සම්බන්ධ අමාත්‍යවරයා පිළිතුරු දෙයි. හොරෙන් කරලා තියෙන දෙයක් නෙවෙයි. අදාල සමාගම් විසින් පැහැදිලි කරීමක් කරයි. හොරකමක්, දූෂණයක්, වංචාවක් තියෙනවානම් මට කියන්න මම ඒ ගැන හෙයන්නම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!