spot_img
spot_imgspot_img

ගාල්ලේ වසංගතවේදඥ වෙනුරට කොරෝනා ද ? වාර්තා වරද්දලා ද ? ඇත්ත යටගහනවා ද ?

පුවත්

විදෙස්

වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙතින් නිකුත් කර වාර්තාවේ අද (23) උදෑසන දක්වා තිබිණි.

එම වාර්තාවට අනුව කරුණු අධ්‍යයනය කිරීමේ දී පෙනී ගියේ වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයා හමුවී ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොරෝනා ආසාදිතයයකු ගොස් තිබීමෙන් එම තැනැත්තා කොරෝනා ආසාදිත අයකුගේ පළමු පෙළ ආශ්‍රිතයක් වීම හේතුවෙන් පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයකු ලෙස පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෙනුර සිංගාරච්චි නම් වෛද්‍යවරයකු ගාල්ල ශ්‍රී හේමානන්ද මාවතේ සිටියි. ඔහු ගාල්ල වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චිය. හෙතෙම ගාල්ලේ කොරෝනා මර්ධනය සම්බන්ධ ප්‍රමුඛ පෙළේ බලධාරියකු ද වෙයි.

මේ පිළිබඳ කරුණු විමසීම සඳහා සෞඛ්‍ය අංශවලට කතා කළ විට එහි ප්‍රබලයකු මුලින් මෙසේ කියා සිටියේය.

“අ‍පේ ඩොක්ටර් වෙනුරගේ පරීක්ෂා කරලා තියෙන්නේ ඇන්ටි බොඩි. පීසීආර් හෝ ඇන්ටිජන් පරික්ෂා කරලා නෑ. එතුමා කොරෝනා එන්නත ලබාගත් නිසා ඇන්ටිබොඩි හැදිලා ඇති. ඒ නිසා කොරෝනා පොසිටිව් කියලා කියන්න බැහැ.”

ඔහුගේ එම කතාව හේතුවෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ විමසා බැලූවෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරයකු කීවේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වී ඇති බැවින් මුල් දිනවල දී එන්නත ලබාගත් අයකුගේ සිරුරේ ඇන්ටිබොඩි තිබීමේ සම්භාවිතාව ඉතාමත් අවම අගයක් ගන්නා බවයි. එමෙන්ම කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වූ අයකුගේ පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් කරනවා හැර ඇන්ටිබොඩි පරීක්ෂණයක් සිදුනොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙහි සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයට කතා කළ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ කොරෝනා ආසාදිත අයකුගේ ආශ්‍රිතයන් සඳහා සිදුකරන්නේ පීසීආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ පමණක් බවයි. එවැනි අයකුගේ ඇන්ටිබොඩි පරීක්ෂණයක් සිදුකිරීමට කිසිදු හේතුවක් නොමැති බව ද හෙතෙම කීවේය. ඇන්ටිබොඩි පරීක්ෂණ සිදුකරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් අයකු සුවවීමෙන් පසු ඔහුගේ සිරුරේ ප්‍රතිදේහ නිපදවී ඇතැදැයි තහවුරු කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක් බව ද ඔහු පවසයි.

මෙම කරුණු අනුව යළි ගාල්ලේ සෞඛ්‍ය බලධාරියකුට කතා කළ විට කීවේ වෙනත් කතාවකි.

“ නෑ. අපි මේ ගැන හෙව්වා. ඒ අපේ ඩොක්ටර් වෙනුර සිංගාරච්චි නෙවෙයි. කරාපිටිය ලැබ් එකෙන් තොරතුරු වරද්දලා. ඩොක්ටර්ගේ යාළුවෙකුගේ පරීක්ෂණයක් අපේ ඩොක්ටර්ගේ නමට දාලා. ඩොක්ටර් වෙනුරට කොරෝනා නෑ.”

ගාල්ල දිස්ත්‍රික් වසංගත වේදඥ වෙනුර සිංගාරච්චි යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!