-5.2 C
New York

කොළඹට මහ වැසි. පාරවල් යටවෙයි. වාහන හිරවෙයි

Published:

උදෑසන සිට පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසක මාර්ගවල වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලය රැඳී පවතින අතර අධික රථවහාන තදබදයක් ද පවතී.

බත්තරමුල්ල, ග්‍රෑන්ඩ් පාස්, ආමර්වීදිය, මරදාන, බොරැල්ල, රාජගිරිය ආදී ප්‍රදේශවල අධික වාහන තදබදයක් හටගෙන තිබේ. වැසි තවදුරටත් ඇදහැලෙමින් පවතින අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතට, මධ්‍යම, සබරගමුව හා දකුණු පළාතට අද (23) දිනයේ මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තාවිය හැකි බවයි.

Related articles

Recent articles

spot_img