spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට

පුවත්

විදෙස්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති.

විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි බැංකු සේවිකාවක කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති අතර එම නිවැසියන් හා විදුහල්පතිවරයාගේ නිවසේ සාමාජික සාමාජිකාවන් අවුරුදු දිනවල සබඳතා පැවැත්වා තිබීම හේතුවෙන් විදුහල්පතිවරයා ස්ව කැමැත්තෙන්ම නිරෝධායනයට යොමු වී සිටියි.

විදුහල්පතිවරයා පසුගිය දින තුනේ දී ම පාසලට පැමිණ නැත.

විදුහල්පතිවරයාගේ වැඩ ආවරණය කරනු ලබන නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ බිරිඳ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ගුරුවරියකි. ඇය සමඟ එකම රථයක ගමන් කළ සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම ගුරුවරිය නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ද මේ වනවිට නිරෝධානයට යොමුකර සිටියි.

ඔහු නිරෝධායනයට යොමුවන තුරු පාසලට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!