-2.1 C
New York

රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි

Published:

කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද (22) සවස් වනවිට අයිඩීඑච් රෝහලේ අසාදිතයන් 138 දෙනකු නේවාසිකව සිටි අතර එහි පහසුකම් ඇත්තේ ආසාදිතන් 120ක් සඳහා පමණි.

ඒ අනුව මේ වනවිටත් කොළඹ අයිඩීඑච් රෝහලේ ‍රෝගී ධාරිතාව ඉක්මවා ඇත. මෙහි වඩාත් භයානකම තත්ත්වය වන්නේ ආසාදිතයන්ට ශ්වසන ආධාරක අවශ්‍ය වුවහොත් එම පහසුකම් ලබාදීම ඇති හැකියාව සීමිත වීමයි.

මීිට පෙර ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා වයිරස ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ ඇතිවීම අවම වුව ද මෙවර පැතිරයන වයිරස ප්‍රභේදය රෝගලක්ෂණ අධිකව පෙන්නුම් කරන ප්‍රභේදයක් ද යන්න පිළිබඳ පර්යේෂකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන වයිරස ප්‍රභේදය ද මීට පෙර පැතිරගිය ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරයන බවත් රෝ ලක්ෂණ පෙන්වීම දරුණු මට්ටමක පවතින බවත් දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img