-4.8 C
New York

පාසල් දැරියක හොරෙන් ම වීඩියෝ කරමින් සිටි දොස්තර වෘත්තියේ පිහිටෙන් බේරී යයි

Published:

ගාල්ලේ පුද්ගලික රෝහලක දී පාසල් වියේ පසුවන ගැහැනු ළමයකුගේ දර්ශන අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි වෛද්‍යවරයකු එම ළමයාගේ මව විසින් අල්ලාගෙන ගාල්ල පොලිසියට පැමිණිල කිරීමට සූදානම් වූ අවස්ථාවේ තවත් වෛද්‍යවරු රැසකගේ මැදහත් වීමෙන් ගොඩින් බේරාගත් පුවතක් වාර්තා වෙයි.

මෙලෙස ගැහැනු ළමයකු වාඩි වී සිටින ඉරියව් සහ ඇය වරින් වර වෙනස් ඉරියව්වලට මාරුවන ආකාරය වීඩියෝ කළ වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ ‍ශල්‍ය ඒකකයක සේවය කරන වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිතියක ගාල්ලේ ප්‍රබලයෙකි.

ඔහු විසින් වීඩියෝ කර ඇත්තේ ද තවත් වෛද්‍යවරියකගේ දියණියකි. මේ දැරිය වෛද්‍යවරියගේ දියණිය බව දැන දැනත් එම ව්‍යෛවරයා විසින් එලෙස වීඩියෝ කර ඇති බව එම රෝහලේ සේවකයකු කීවේය.

අදාල වෛද්‍යවරයා තමන්ගේ දර්ශන පටිගත කරන බව දැනගත් දැරිය කෑ ගසා මවට කියා ඇති අතර ඒ සමඟම ක්‍රියාත්මක වූ මව සහ රෝහලේ අනෙකුත් සේවකයන් එම වෛද්‍යවරයා කොටු කරගෙන තිබේ. දැරියගේ මව මේ අවස්ථාවේ පොලිසියට දැනුම් දී මෙම සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් සටහන් කිරීමට සූදානම් වුව ද සැකකාර වෛද්‍යවරයා හැකි ඉක්මණින් තම වෛද්‍ය වෘත්තීය සමිති සාමාජිකයන්ගේ සහයෝගය ලබාගනිමින් අදාල වෛද්‍යවරිටය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඔහු පවසා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වයක් පවතිද්දී වෛද්‍යවරිය විසින් දියණිය රෝහලට රැගෙන ඒම වරදක් බව පෙන්වීමට මෙලෙස වීඩියෝ කළ බවයි. වෙනත් වෛද්‍යවරුන්ගේ මැදහත්වීම හේතුවෙන් සිද්ධිය පොලිසියට නොගොස් බේරාගත්ත ද කරාපිටියේ සුප්‍රසිද්ධ ශල්‍ය ඒකකයකට අනුයුක්තව සිටින අදාල සැකකාර වෛද්‍යවරයා දැන් ගැහැනු ළමුන්ගේ දර්ශන පටිගත කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.

සැකකාර වෛද්‍යවරයා අනුයුක්තව කටයුතු කරන ශල්‍ය අංශයේ සිදුකරන ශල්‍ය කර්ම ගාල්ලේ දී සිදුකරන එකම පුද්ගලික රෝහල මෙම රෝහලයි.

Related articles

Recent articles

spot_img