spot_img
spot_imgspot_img

සංඝමිත්තේ ශිෂ්‍ය නායිකා තනතුර රුපියල් 8500යි

පුවත්

විදෙස්

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා ශිෂ්‍යනායක තනතුරු ලබන සෑම ශිෂ්‍යාවකගෙන්ම රුපියල් 4000.00 ක මුදලක් එකතු කර ඇති අතර තවත් රුපියල් 4500.00ක් එකතු කරමින් සිටියි.

ඒ අනුව සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායිකාවක වන සිසුවියකට රුපියල් 8500.00ක වියදමක් දැරීමට සිදුව ඇත. මෙවර ශිෂ්‍යනායිකාවන් ලෙස පත්වන සිසුවියන් සංඛ්‍යාව 50කි.

.මෙම මුදලින් රුපියල් 4000.00 හෙට (23) පැවැත්වෙන උත්සවයේ වියදම් සඳහා ‍වන අතර අනෙක් රුපියල් 4500.00 ශිෂ්‍යනායිකවන්ගේ කොළ පැහැති පිටත කබාය මැස්සවීමට බව විදුහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

එක් සිසුවියකගෙන් රුපියල් 4000.00 බැගින් උත්සවය සඳහා එකතුවන මුදල් රුපියල් 200,000.00 කි. උත්සවය පැවැත්වෙන දිනයේ සංග්‍රහය සඳහා ගාල්ලේ ආහාර සපයන ආයතනයකට ඇණවුම් භාර දී ඇති අතර එය පුද්ගලයන් 650ක් සඳහා බව ද අප වෙත තහවුරු විය. විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආාචර්ය මණ්ඩලයේ 250කට ආසන්න ගුරුවරුන්ට, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායිකාවන්ට, නව ශිෂ්‍යනායිකාවන්ගේ නිවසින් පැමිණෙන මවට ‍හෝ පියාටත් නව ශිෂ්‍ය නායිකාවන්ටත් මෙම සංග්‍රහය පැවැත්වෙන බවයි.

පාසලක සිසුවියන්ගෙන් මුදල් එකතුකර මෙවැනි උත්සව පැවැත්වීම නීති විරෝධීය. එමෙන්ම ශිෂ්‍ය නායිකාවන්ගේ පිටත කබාය සඳහා ද රුපියල් 4500.00 එකතු කිරීම නීත්‍යානුකූල ද යන්න ගැටළුවකි.

කොරෝනා වසංගතය යළි පැතිරීමේ අවදානමක් පවතිද්දී මෙවැනි උත්සව සංවිධානය කිරීමේ දී සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ යුතුය. එබැවින් ඒ පිළිබඳ ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ එවැනි උත්සවයක් පිළිබඳ දැනුම්වත් කර නැති බවයි.

මෙම කරුණු සම්බන්ධයෙන් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි චාන්දනී උඩුකුඹුරගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“අපි ශිෂ්‍ය නායිකාවන් 50 දෙනෙක් පත්කරනවා. වෙනදාටනම් පදක්කම් පැළඳුවේ උදෑසන රැස්වීමේ දී. දැන් උදෑසන රැස්වීම් තියන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා දෙමාපියන්ගෙන් එක් අයකුට එන්න කියලා. දැනට අවුරුදු 20ක පමණ සිට සම්ප්‍රදායක් තියෙනවා පත්වන ශිෂ්‍ය නායිකාවන් තමන් මේ තත්ත්වයට ගෙන ඒමට කැපවූ සියලුම ගුරුවරුන්ට ෂෝට්ඊට්ස් සංග්‍රහයක් කිරීමේ. ඉතින් මේ මුදල් එකතු කළේ මෙය සංවිධානය කරන දෙමාපියන් විසින් ඔවුන්ගේ කැමැත්තෙන්. අපි උත්සවයක් තියන්නේ නැහැ. ආරාධිත වෛද්‍යවරියක් ඉන්නවා. එතුමිය පැමිණි විට ගුරුවරු කිහිප දෙනෙක්, නව ශිෂ්‍යනායිකාවන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායිකාවන් සහ දෙමාපියන්ගෙන් එක් අයෙක් රැස්වෙලා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පුංචි රැස්වීම් තියලා පදක්කම් පළන්දනවා. ලොකු රැස්වීම් තියන්නේ නැහැ. එකතුකරන රුපියල් 4000.00න් රුපියල් 400.00ක්ම වැය වෙන්නේ ශිෂ්‍ය නායිකා ලාංඡනය හදන්න. ඒකට පාසලෙන් සල්ලි දෙන්න හැකියාවක් නැහැ. ශිෂ්‍ය නායිකවගේ ඇඳුමට කබායක් තියෙනවා. ඒක ගැන කතා කළ පමණයි.”

1 COMMENT

  1. සුදුස්සන්ට සුදුසු තැන ලැබී නැත.සුදුස්සන් එලියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!