දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා වී තිබේ.
ඉන් වැඩිම ආසාදිකයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 32කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 28කි. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනකු ද වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ හම්බන්තොට, කතරගම, උණවටුන, හික්කඩුව, මිරිස්ස, වැලිගම ආදී ප්‍රදේශවලට පසුගිය අවුරුදු කාලයේ දී විවිධ ප්‍රදේශවලින් පුද්ගලන් විනෝදය පිණිස හා වන්දනා කටයුතු සඳහා පැමිණි බැවින් කොරෝනා වයිරසය මේ වනවිට විශාල වශයෙන් පැතිරී තිබිය හැකි බවයි.
එවැනි තත්ත්වයක් පැවතුණ ද ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරු නීති විරෝධී ලෙස ගාල්ල මහ නගර සභා පරිශ්‍රයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ආරම්භකර තිබීම හේතුවෙන් මේ වනවිට ගාල්ල මහ නගර සභා සීමාවේ කොරෝනා මර්ධන කටයුතු මුළුමනින්ම අඩාලවී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරන්නේ කොරෝනා ආසාදිත බව හඳුනාගන්නා පුද්ගලයන්ගේ සමීපතමයන් පවා නිරෝධායනය කිරීම සහ පීසීආර් පරීක්ෂණළුලට ලක්කිරීම නිසි පරිදි සිදු නොවන බවයි.



