-4.8 C
New York

කොරෝනා දැඩි අවදානමක්. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ කිහිපයක් ගනී

Published:

කොරෝනා වසංගත දැඩි අවදානම් තත්ත්වයක් රටතුළ හටගෙන ඇති බැවින් එය පාලනය කිරීම සඳහා කොරෝනා මර්ධන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණ කිහිපයක් ගත් බව නිවේදනය කර තිබේ.

ඒ අනුව දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කරනු ලබන අතර කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය ස්වශන ආධාරක ද වැඩි දියුණු කරයි. කොරෝනා පිළිබඳ දත්ත රැස්කිරීමේ ක්‍රමවේදය වඩාත් ශක්තිමත් කරන අතර හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත ඇඳුම් ලබාදීම, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝග තත්වයන් අනුව ඔවුන් වෙන වෙනම සුදුසු රෝහල්වෙත යොමු කිරීම, කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සුදුසු රෝහල් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් හඳුනාගැනීම, පීසීආර් පරීක්ෂණ අවම වශයන් දිනකට 15,000ක් පමණ සිදුකිරීම , නිරෝධායන නීති දැඩි ලෙස ක්‍රියාතම්ක කිරීම හා විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම

යන කාර්යයන් කඩිනමින් ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති එම කමිටු රැස්වීමේ දී තීරණය කෙරිණි.

Related articles

Recent articles

spot_img