spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත දුන් 03ක් මියගිය බව ඇමතිනිය කියයි. දෙවැනි මාත්‍රාව නවතයි ද ?

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයන් 06 දෙනකුගු රුධිර කැටිගැසීම් වාර්තා වූ බවත් ඉන් 03 දෙනකු මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (21) පාර්ලිමේන්තුවේ දී කීවාය.

ඇය මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේ ත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති අතර, මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4 -6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත. ඒ නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප බව ලෝක දත්ත අනුව පැහැදිලි වේ. තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.”

මේ වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 09 කට වැඩි පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දෙවැනි මාත්‍රාව සඳහා එන්නත් 230,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාව එම එන්නත අපනයනය නවතා ඇති බැවින් ලොව රටවල් ගණනාවකට එන්නත ගෙන්වාගැනීමේ ගැටලුවක් ඇතිවී තිබේ.

සෞඛ්‍ය ආමාත්‍යාංශය ද පසුගිය 19 වැනි දින තීරණය කළේ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම මැයි මස 01 වැනි දා දක්වා කල් දමන බවයි. අමාත්‍යාංශය පවසන්නේ දැනට ඇණවුම් කර ඇති එන්නත් ඉක්මණින්ම ඉන්දියාවෙන ලැබෙන බවයි.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය ද ඇස්ට්‍රාසෙනිකා එන්නත හේතුවෙන් රුධිර කැටිගැසීම් සිදුවන බව පවසමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම නතර කෙරිණි. එහෙත් එරට එන්නතේ ආසාත්මිකතා හේතුවෙන් මරණ සිදුව තිබුණේ නැ. සෞඛ්‍ය ඇමති පවිතා වන්නිආරච්චි පවසන්නේ මෙරට දී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පසු තිදෙනකු මියගොස් ඇති බවයි.

ඒ අනුව ඩෙන්මාර්කයේ මෙන් ශ්‍රී ලංකාවේ ද ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම නවතා දැමුවහොත් පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව නොලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!