spot_img
spot_imgspot_img

විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැවක් හොරෙන්ම හම්බන්තොට වරායට ඇවිත්

පුවත්

විදෙස්

සත්‍ය තොරතුරු වසං කරමින් විකිරණශීලී ද්‍රව්‍ය සහිතව හම්බන්තොට වරායට පැමිණි නෞකාවක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එල්.අනිල් රංජිත් පවන්නේ නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් තිබූ බහාලුම් නෞකාවක හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට ඇතුළු කර තිබෙනව බවයි. එම නැවෙහි විකිරණශීලී ද්‍රව්‍ය ඇති බව තහවුරු කරගැනීම හේතුවෙන් එය හම්බන්තොට වරාය පරිශ්‍රයෙන් ඉවත්කරගන්නා ලෙස නියෝග නිකුත් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අදාල නෞකාව හම්බන්තොට වරායට ප්‍රවේශවීම සඳහා නැවේ මෙරට ඒජන්තවරයා විසින් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීමට අනුව වරාය අධිකාරිය අවසර ලබා දී තිබිණි. මෙලෙස නැවක් වරායට ඇතුළු කිරීමේදී නැවේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ දැනුම් දිය යුතු වුව ද එ්ජන්තවරයා විසින් එහි විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බව දැනුම් දී නොතිබිණි.

මෙම නැවේ විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බව වරායේ ප්‍රධාන පාලක නිලධාරීවරයාට අනාවරණය වීම හේතුවෙන් ඒ පිළිබඳ පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්වත් කිරීමෙන් පසු එම නැව ඉවත්කරගැනීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!