spot_img
spot_imgspot_img

කොරෝනා තුන්වැනි පොකුර මුදල් පොකුරක් දැයි සැකයක් ?

පුවත්

විදෙස්

මුදල් සමඟ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව පුරා සංසරණය වෙමින් පවතින්නේ දැයි සැකයක් මේ වනවිටට ඇති වී තිබේ.

ලංකා බැංකුව ප්‍රධානව බැංකු සේවකයන් රැසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් කරන ලද නිවේදනයෙන් ද මේ බව තහවුරු වෙයි.

එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ රාජ්‍ය බැංකුවක සේවකයන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසුව බවයි.

කෙසේ වෙතත් ලංකා බැංකුවේ මධ්‍යම මුදල් හුවමාරු අංශයේ සේවකයන් 07 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. එම එ්කකය මුදල් ඒකරාශී කිරීමෙන් පසු මහ බැංකුව වෙත මුදල් යොමුකිරීම සහ රට පුරා බැංකු ශාඛාවලට මුදල් යොමුකිරීම සිදුකරයි. සෞඛ්‍ය අංශ දැනට විශ්වාස කරන්නේ මෙම ඒකකය කෙන්ද්‍ර කරගනිමින් කොරෝනා ව්‍යාප්ත වන්නට ඇති බවයි.

අලුත් අවුරුදු උත්සව කාලය හේතුවෙන් රුපියල් බිලියන ගණනක මුදලක් මෙම බැංකු මූලස්ථානය මගින් බැංකුවල නියෝජිතයන් කැඳවා ලබා දී තිබේ. ඒ අලුත් අවුුරුද්ද වෙනුවෙන් ටෙලර් යන්ත්‍රවලට මුදල් වෙනදාට වඩා තැන්පත් කිරීමට සිදුවන බැවිනි.  ඒ සඳහා පැමිණි රියැදුරන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය වෙත මූලස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ව්‍යාප්ත වන්නට අතැයි දැනට කරන විමර්ශනවලදී සැක පහළව තිබේ.

ඊයේ (20 වැනිදා) වන විට කොග්ගල යුද හමුදා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මෙම බැංකු කාර්ය මන්ඩලයේ 70 දෙනකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

මුදල් නෝට්ටු මතද කොරෝනා වයිරසය තැන්පත් වී සංසරණය වීමේ අවදානමක් තිබෙන බැවින් මුදල් සමඟ ද කොරෝනා වයිරසය සංසරණය වන්නේ දැයි අවධානය යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!