spot_img
spot_imgspot_img

ගාල්ලේ වෛද්‍යවරුන්ගේ අනීතික වැඩ නිසා ගාලු ජනතාව අමාරුවේ

පුවත්

විදෙස්

ගාල්ල නාගරික නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් නීති විරෝධීව කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයක මේ වනවිට පවත්වාගෙන යනු ලබන ස්ථානයක එන්නත් කිරීම් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිට දිනපතාම පැවැත්වෙන බව දැනුම් දී තිබුණ ද අද දහවල් 11.00 වන තුරුම එම ස්ථානයේ එන්නත් කිරීම් ආරම්භ කර තිබුණේ නැත.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ එම කාර්යලයට අනුයුක්ත අනෙකුත් වෛද්‍යවරු තම අභිමතය පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඉවත්ව අනීතිකව වෙනත් ස්ථානයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් හඳුන්වන ස්ථානයක් ආරම්භ කර ඇති බවත් මේ හේතුවෙන් ගාල්ලේ ‍ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු අඩපණ වී ඇති බවත් අප rata.lk වෙබ් අඩවිය මගින් ඊයේ (20) හෙලි කිරීමෙන් පසු MOH Galle නමැති facebook Profile එකක් හදිසියේම නිර්මාණය කර එන්නත් කරණය සම්බන්ධයෙන් දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි.

කෙසේ වෙතත් අද 10.45ට පමණ අප එම ස්ථානයේ නිරීක්ෂණයකට ගිය අතර ඒ වනවිට එහි එන්නත් සඳහා පැමිණි පුද්ගලයන් කිහිප දෙනකු උදෑසන සිට රැඳී සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ගෙන් විමසූ විට කියා සිටියේ එන්නත් මෙම කාර්යාලයට ගෙනවිත් නොමැති බැවින් ඒවා රැගෙන එනතුරු සිටින ලෙස තමන්ට දැනුම් දුන් බවිය. එබැවින් දැනට පැය දෙකක් පමණ එම ස්ථානයේ රැඳී සිටින බවත් ඔවුහු කීහ.

ඉන් පසු අප එම කාර්යාලයට ඇතුළු වූ විට එහිි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ අතිරේක සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී චන්දන සේනානයක සිටියේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා පිළිබඳ ඔහුගෙන් විමසූ විට කියා සිටියේ එන්නත් ගෙන ඒම සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ කාර්යාලයට ගොස් ඇති බවයි. එන්නත් ගෙන ආ වහාම එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද හෙතෙම කීවේය.

මෙවැනි ස්ථානයකට නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගෙන ඒමට හැකිදැයි විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍යයට කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට තමන්ට වුවමනාවක් නොමැති බවියි. මේ ස්ථානයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය රැගෙන ආවේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාගේ හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ද අනුමැතිය ඇතිව බව ඔහු කියා සිටියේය.

උදෑසන 8.00 සිට එන්නත් කටයුතු ආරම්භ කරන බව දැනුම් දී තිබුණද එන්නත් කටයුතු ආරම්භ කරන විට 11.30 පසු වී තිබිණි.

අප ඊයේ ප්‍රකාශයට පත්කළ ප්‍රවෘත්තියේ සබැඳිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!