-5.9 C
New York

බාර් විවෘතව තබන කාලය වැඩිකරන්න යැයි ඩයනා ඉල්ලයි (වීඩියෝ)

Published:

මෙරට වගා කරනු ලබන “කංසා” අපනයනය කිරීමට අවසර දිය යුතු බවත් සාමාන්‍ය තැබෑරුම් රාත්‍රී 10.00 වනතුරු සහ හෝටල්වල ඇති තැබෑරුම් අළුයම 1.00 දක්වාත් විවෘතව තැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේ දී කීවාය.

රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් සුරාබදු පනත් සංශෝධනය කළ යුත්තේ මේ අයුරින් බවත් ඒ මගින් රටේ ආර්ථිකය දියුණු කළ හැකි බවත් ඇය පවසන්නීය.  දවල් දවසේ හම්බකරන මුදල් රාත්‍රියේ දී වියදම් කිරීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බව ද ඇය කීවාය.

ඇය පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටිය ද මෙරට කාන්තාවන් හිංසනයට පත්වීමේ අවස්ථා සැළකූ වට වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් ගෘහස්ථ හිංසනය ඇතුළු හිංසනයන්ට ලක්වන්නේ බීමත් පිරිමින්ගේ පීඩනය හේතුවෙනි. එමෙන්ම රිය අනතුරු ඇතුළු හදිසි අනතුරු වැඩිම ප්‍රමාණයකට හේතුවන්නේ ද බීමත් කමයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් සත්කාරක සේවා සඳහා වැඩිම මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ සහ අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය තොරතුරු අනුව තහවුරු වෙයි.

වීඩියෝව මෙතැනින් නරඹන්න

blob:https://web.facebook.com/7d731951-300e-4013-b6c7-0851b5ac2650

Related articles

Recent articles

spot_img