spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇති අතර ඒ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණ 130කිනි. බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි බෙන්ජි නමැති කර්මාන්තශාලාවේ සේවකයන් 100ක පමණ පිරිසක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

මීට අමතරව පමුණුවේ රෙදිපිළි තොග අළෙවි සැළක සිටි 17 දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ. ඒ එම අළෙවි සැළේ සිටි 46 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි. මෙම අළෙවි සැළේ සිටි අයකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ කොටුවේව රාජ්‍ය බැංකුවක 300ක පිරිසකට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 35 දෙනකු හඳුනාගෙන ඇත. මේ අතර කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඊයේ සිට එම බැංකු දෙක වසා දමා තිබේ. බදුල්ල නගරයේ පිහිටි බැංකුවක ද සේවක සේවිකාවන් 09 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කටුනායක ආයෝජන කලාපයෙන් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනකු මේ වනවිට වාර්තා වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කලේ අද දිනයේදී කොරෝනා ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සහ අහඹු PCR පරීක්ෂණ 600කට ආසන්න පිරිසක් සිදුකිරීමට නියමිත බවයි.

කුරුණෑගල ගනේවත්ත ගම්මානය පෙරේදා (18) සිට හුදකලා කර ඇති අතර එම ගම්මානයේ පදිංචිකරුවන් සඳහා අද (20) පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!