-4.8 C
New York

කුරුණෑගල කම්හළක ආසාදිතයන් 100 ක්

Published:

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි බෙන්ජි නම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මහගම, වල්ලරාවේ පිහිටා ඇති මෙම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 2500ක් පමණ සේවය කරන අතර මේ දිනවල ද 1500ක පමණ පිරිසක් සේවයේ යොදවා සිටිති.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරීමට පියවර ගත් බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ද සැළසුම් කර ඇත.

Related articles

Recent articles

spot_img