-4.8 C
New York

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම තවත් කල් යයි

Published:

කොරෝනා මර්ධනය කිරීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම තවදුරටත් කල්යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් සඳහන් කළේ එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වැනි දින සිට ලබාදීම ආරම්භ කරන බවයි. නමුත් එය මැයි පළමු සතිය දක්වා කල් දැමීමට අද (19) රැස්වූ කොරෝනා මර්ධන කමිටුව තීරණය කර ඇත.

එන්නත ලබාදීම පසුගිය ජනවාරි 29 වැනි දා ආරම්භ කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යාලේඛන අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මේ වනවිට ලක්ෂ 09කට අධික පිරිසකට ලබා දී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් පමණ මෙරට ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත් සමාගම පවසන්නේ එන්නත අපනයනය කිරීම තාවකාලිකව නවතා ඇති බවයි. දේශීය වශයෙන් එන්නත සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට සමාගමට සිදුව ඇත.

‌මෙරට එන්නත්කරණ වැඩසටහනේ දී ජනවාරි 29 වැනි දා සිටි පෙබරවාරි 25 වැනි දා දක්වා එන්නත් 393,469ක් ලබාදී තිබේ. පෙබරවාරි 26 සිට මාර්තු 25දක්වා කාලයේ දී එන්නත් 476,240ක් ලබා දී ඇත. මාර්තු 26 සිට අප්‍රේල් 01 දා දක්වා එන්නත් 54,245ක් ලබා දී ඇත. අප්‍රේල් 02 සිට අප්‍රේල් 08 ද්කාව එන්නත් 1,138ක් ද අප්‍රේල් 09 වැනි දින එන්නත් 94ක් හා 10 වැනි දින එන්නත් 66ක් ලබාදී ඇති බව ‍වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

Related articles

Recent articles

spot_img