-2.1 C
New York

අගමැති කැඳවූ පක්ෂ නායක රැස්වීම ගැන මාධ්‍ය නිවේදනයක්

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කොරෝනා හේතුවෙන් මැයි දින පෙළපාලිය නොපවත්වා සෞඛ්‍ය මා‍ර්ගෝපදේශ අනුව මැයි දින රැළිය පමණක් පැවැත්වීම පිළිබඳ පක්ෂ නායකයින්ගේ අවධානය යොමු වූ බවයි.

එම රැස්විම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වූයේ මැයි දිනය පිළිබඳ සාකච්ඡා කිරීමට බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍ය ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් සහභාගී වූ බව ද එම නිවේදනයේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img