-5.9 C
New York

මහින්ද කැඳවූ පක්ෂ නායක රැස්වීමෙන් විමල්, ගම්මම්පිල හා වාසු නැගිට යති

Published:

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මම්පිල යන අමාත්‍යවරු නැගිට ගොස් ඇතැයි නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

පක්ෂ ‍නායකයන් නොවන විශාල පිරිසකට මෙම රැස්වීමට ආරාධනාකර තිබීම හේතුවෙන් ඔවුන් ඊට විරෝධය දක්වමින් ඉවත්ව ‍ගොස් තිබේ.

අද (19) පෙරවුරු 10.30ට අරලියගහ මන්දිරයේ දී මෙ රැස්වීම කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින මතභේද සමථයකට පත්කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අපේක්ාෂාවෙනි.

මෙම රැස්වීමට 51 දෙනකු සහභාගී වී සිටි අතර විමල් වීරවංශ, උදය ගම්මම්පිල සහ වාසුදේව නානායක්කාර මෙහි දී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගිවිසුම්ගත පක්ෂ ඇත්තේ 14ක් පමක් බවයි. එමෙන්ම පක්ෂ නායක රැස්වීමකට 20ක පමණ පිරිසක් සහභාගීවන නමුත් 51 දෙනකු සහභාගීවීම ගැටලුවක් බවත් ඔවුන් පවසා තිබේ.

මෙවන් පිරිසක් සමඟ ගැටලු සාකච්ඡා කළ නොහැකි බව පවසමින් වෙනත් දිනක සාකච්ඡා කිරීමට යෝජනා කරමින් අමාත්‍යවරු තිදෙනා එතැනින් ඉවත්ව ගිය බව නෙත් නිවුස් වාර්තා කරයි.

Related articles

Recent articles

spot_img