3.8 C
New York

පාස්කු ප්‍රහාරය ගැන කියූ දේ වැරදියට තේරුම් ගෙන යැයි අගරදගුරු කියයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඊයේ (18) කළ ප්‍රකාශයට වැරදියට තේරුම්ගෙන ඇතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අද (19) කීහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට දෙවර්ෂයක් සම්පූර්ණවීම නිමි‍ත්තෙන් පැවැත්වෙන වැඩසටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

“ මම කිව්වේ නැහැ රටේ මුස්ලිම් අන්තවාදයක් ව්‍යාප්ත වාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කිසිම දේශපාලන පක්ෂයක් ගැන නෙමෙයි මම කිව්වේ. මම කතා කලේ ජාත්‍යන්තර වහබ්වාදය ගැනයි. මේ වහබ්වාදය ලෝකයේ බලගතු රටවල අතකොළු බවට පත්වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අන්තර්ජාතික දේශපාලන බලවේග ගැනයි කතා කළේ. නැතුව ලංකවේ දේශපාලන පක්ෂ ගැන නෙමෙයි කතා කලේ”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම අප්‍රේල් 21 වෙනිදා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වලට විශේෂ නිවාඩු දිනයක් ලබා දෙන බව ද හෙතෙම කීවේය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් වරයා අද කියන කතාව

blob:https://web.facebook.com/89a7a82b-f68f-4806-8196-5fc8b927caca

කාදිනල්වරයා ඊයේ කියූ කතාව

Related articles

Recent articles

spot_img