-5.9 C
New York

මුරලිදරන් රෝහල්ගත කරයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

මුරලිදරන්ට සමීප ආරංචිමාර්ග පවසන්න් මෙය ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට කලබල වීමට හේතුවක් නොවන බවයි. ඉන්දියාවට මෙවර ගිය අවස්ථාවේ දී ඇතිවූ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් වෛද්‍යවරු හමුවූ විට සුළු සැත්කමක් කිරීමට නිර්දේශ කර තිබූ බවත් ඒ සැත්කම සිදුකරන බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

හෘදයේ ධමනි අවහිරතාව වැළැක්වීම සඳහා ස්ටෙන්ට් යෙදීමේ සැත්කමක් සිදුකරන බවත් එය අවසන්වූ විට ඉක්මණින් ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්විය හැකි බවත් එම ආරංචිමාර්ග තහවුරු කරයි.

ඉන්දියාවේ චෙන්නායි හි පුද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇත මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතුකිරීම හේතුවෙන් මුරලිදරන් ඉන්දියාවේ සිටියේය.

https://www.news18.com/cricketnext/news/muttiah-muralitharan-admitted-to-chennai-hospital-for-cardiac-issue-report-3653450.html#:~:text=Sri%20Lankan%20legend%20and%20Sunrisers,admitted%20for%20an%20angioplasty%20procedure.

Related articles

Recent articles

spot_img