spot_img
spot_imgspot_img

රතු පැහැති මස් කෑමෙන් ජීවිතය කෙටි වෙයි

පුවත්

විදෙස්

රතු පැහැති මස් සහ සැකසූ මාංශ වර්ග ආහාරයට ගැනීම සහ හෘද රෝග අතර සෘජු සම්බන්ධයක් ඇති බව යුරෝපීය හෘද රෝග සංගමයේ සම්මේලනයක දී හෙළිදරව් කර තිබේ.

මෙම සම්මේලනය පසුගිය දා online ක්‍රමයට පැවැත්විණි.

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ පිහිටි ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන වෛද්‍ය සහරා රයිසි එස්ටාබ්‍රැග් පවසන්නේ මීට පෙර කරන ලද අධ්‍යයනයන්හි දීට වඩා රතු මස් පරිභෝජනය හෘදයාාධ හෝ හෘද රෝගවලින් මියයාමේ අවදානම වැඩිකර ඇති බව මෙම නව පරීක්ෂණය මගින් තහවුරු වී ඇති බවයි.

මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 19,408 දෙනකුගේ දත්ත භාවිතා කර ඇත. පර්යේෂකයෝ හෘද ව්‍යුහ විද්‍යාව හා ක්‍රියාකාරීත්වය සමඟ රතු පැහැති මස් අනුභවය හා සැකසූ මස් අනුභවය පිළිබඳ තොරතුරු එක්රැස් කළහ.

පර්යේෂකයන් සොයාගත් පරිදි රතු සහ සැකසූ මස් වැඩිපුර ආහාරයට ගැනීම හෘද සෞඛ්‍යය පිළිබඳ වඩාත් භයානක ප්‍රතිඵල හා සම්බන්ධ වී තිබේ. විශේෂයෙන් වැඩි මස් පරිභෝජනයක් ඇති පුද්ගලයන්ට දුර්වල හෘද ක්‍රියාකාරීත්වයක් හා රුධිර නාල පිළිබඳ ගැටලු ඇති බව හඳුනාගෙන තිබේ.

නමුත් තෙල් සහිත මාළු ආහාරයට ගැනීම හෘදයේ ක්‍රියාකාරීත්වය වඩාත් යහපත් කිරීමටත් ධමනි ලිහිල් කිරීමටත් හේතුවන බව ද පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන තිබේ.

වෛද්‍ය රයිසි මෙසේ පවසයි.

“රතු මස් වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ඉහළ යා හැකි අතර ඉන් හෘද රෝග ඇතිවනවා. අපගේ අධ්‍යයනයෙන් මස් අනුභවය හා හෘද සෞඛ්‍ය අතර සම්බන්ධතාව සොයා බැලුවත් මෙයට විකල්ප ක්‍රමයක් ගැන සොයා බැලුවේ නැහැ. නමුත් අපිට සාක්ෂි තිබෙනවා රතු මස් හේතුවෙන් බඩවැල්වල ජීවත්වන ක්ෂුද්‍රජීවීන් වෙනස්වන බව. මේ නිසා රුධිරයේ ඇති ඇතැම් පරිවෘත්තීය ද්‍රව්‍ය ඉහළ මට්ටමකට ගෙන ඒම සිදුවනවා. එමගින් හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් හටගන්නවා.”

පර්යේෂකයන් පවසන්නේ මෙය නිරීක්ෂණ ක්‍රමවේදයෙන් තීරණය කළ දෙයක් බවයි. කෙසේ වෙතත් රතු මස් අනුභවය සීමා කිරීමෙන් හෘද රෝග අවම කරගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

https://www.sciencedaily.com/releases/2021/04/210415090718.htm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!