-4.8 C
New York

ගම්මානයක් හුදකලා කරයි. 20 දා ගමටම PCR

Published:

කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාල ගම්මානය අද (18) සිට හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවීම හේතුවෙන් මෙලෙස හුදකලා කර තිබේ. මෙම ගම්මානයේ පවුල් 540ක පුද්ගලයන් 3000ක පමණ පිරිසක් මේ හේතුවෙන් හුදකලා වී ඇති බවයි.

එම ගම්මානයට පරිබාහිරව ද තවත් රෝගීන් 04 දෙනකු හඳුනාගෙන තිබේ. මෙම ප්‍රදේශයෙන් පළමුවෙන්ම ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ආශ්‍රිතයන් 72ක් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඒ අතරින් 29 දෙනකු ආසාදිතයන් බව තහවරු කරගෙන තිබේ. වෛද්‍යවරු පවසන්නේ ආශ්‍රිතයන්ගෙන් 45%ක් පමණ ප්‍රමාණයක් ආසාදිතයන් වීම හේතුවෙන් මෙලෙස ගම්මානය හුදකලා කිරීමට සිදුවූ බවයි.

අඟහරුවාදා (20) මෙම ගම්මානයේ සියලු දෙනා සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. සංචරණ සීමා ඉවත්කිරීමේ හැකියාව පිළිබඳ සළකා බලනු ලබන්නේ එම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසුව බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img