-4.8 C
New York

“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල මේ වනවිට කොරෝනා වසංත තත්ත්වය යළි වැඩිවෙමින් පවතින බවයි. එමෙන්ම රාජයේ සහ පුද්ගලික අංශයේ ආයතනික මට්ටමින් ද කොරෝනා පොකුරු වාර්තාවෙමින් පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” 

Related articles

Recent articles

spot_img