-0.8 C
New York

ඇමෙරිකාව රාවුල් කස්ත්‍රෝ ඝාතනයට දැරූ තැතක් හෙළිවෙයි

Published:

රාවුල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඇමෙරිකානු CIA සංවිධානය විසින් කරන ලද සැළසුමක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

1960 දශකයේ දී CIA සංවිධානය මෙම උත්සාය දරා ඇති අතර ඒ සඳහා හෝසේ රාවුල් මාටිනෙස් නමැති ගුවන් ‍නියමුවෙක් යොදවා ඇති බව ද පැවසේ. එම සැළසුම වී ඇත්තේ අනතුරක් සිදුකර රාවුල් කස්ත්‍රෝ ඝාතනය කිරීමයි. චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් අගනුවර සිට කියුබාවේ හවානා වෙත රාවුල් රැගෙන ඒම භාරවී තිබුණේ මේ නියමුවාටය.

මේ සඳහා එම ගුවන් නියමුවාට ඇමෙරිකානු ඩොලර් දස සහසක් ලබාදීමටත් මෙහයුමේ දී එම නියමුවා මියගියහොත් ඔහුගේ දරුවන් දෙදෙනාට විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමටත් CIA සංවිධානය එකඟ වූ බව ද පැවසේ. කෙසේ වෙතත් මේ මේ මෙහෙයුම අතරමැද නවතා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වොෂිංටනයේ ජාතික ආරක්ෂක ලේඛන පර්යේෂණායතනය විසින් එම තොරතුරු දැන් ප්‍රකාශයට පත්කර ඇති බවයි. රාවුල් කස්ත්‍රෝගේ සොහොයුරු පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා සීඅයිඒ සංවිධානය උත්සාහයන් 638ක් දරා ඇති බව ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img