-5.9 C
New York

දරුවන් හෙට සිට පාසල් යැවිය යුතු අයුරු

Published:

දිවයිනේ සියලුම පාසල්වල 2021 අධ්‍යයන වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (19) ආරම්භ කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව නිර්දේශ ලබාදෙන තුරු අවුරුදු නිවාඩුවට පාසල් පැවැත්වූ ආකාරයටම සිසුන් දරු දැරියන් පාසල්වෙත ගෙන්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඒ අනුව එක් පන්තියක එක් දිනකට ගෙන්විය හැකි සිසුන් සංඛ්‍යාව උපරිම 15 දෙනෙකි. සිසුන් 16-30ත් අතර සිටීනම් කණ්ඩායම් දෙකක් ලෙස ද සිසුන් 30ට වැඩිනම් කණ්ඩායම් තුනක් ලෙස ද සිසුන් පාසල වෙත ගෙන්විය යුතු බවට මීට පෙර ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතුය.

මීට අමතරව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුඛ ආවරණ පැළඳීම හා දෑත් සේදීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු අතර දරුවන් අතර ආහාර හුවමාරු කිරීම ද වැළැක්විය යුතුය. නිවසේ පිළියෙල කළ ආහාර පමණක් රැගෙන ආ යුතු බව ද ‍අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Related articles

Recent articles

spot_img