-5.9 C
New York

වරාය නගර පනත ප්‍රශ්න විසඳන්න අගමැති මැදිහත් වෙයි

Published:

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත” කෙටුම්පත පිළිබඳ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ සාකච්ඡාවක් සති අන්තයේ පවත්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා නුවරඑළියට ගොස් සිටින බැවින් කොළඹට පැමිණි වහාම මෙම සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර තිබේ. එමෙන් ම සඳුදා (19) රජයේ හවුල්කාර පක්ෂවල නායකයන් සමඟ අගමැතිවරයා පවත්වන විශේෂ සාකච්ඡාවේදී ද මේ පිළිබඳ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂිතය.

සඳුදා සවස අමාත්‍ය මණ්ඩලය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහි දී ද මෙම මාතෘකාව සාකච්ඡා කෙරෙනු ඇත.

වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 20ක් පෙරේදා (16) වැනි දා වනවිට ඉදිරිපත් කර තිබිණි. ඒ පනත සම්බන්ධයෙන් රජයට සහාය දක්වන ආකාරයේ අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමට ද පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම අතරමැදි පෙත්සම් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් ඉදිරිපත් කරන අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ නවින් මාරපන යන දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

(මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප)

Related articles

Recent articles

spot_img