spot_img
spot_imgspot_img

විදෙස් රටවලින් පැමිණීම යළි සීමා කිරීමට සිදුවෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිත වූවන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් මෙරටට විදේශිකයන් ගෙන්වීම තවදුරටත් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු පවසන්නේ අප්‍රේල් මාසයේ මේ රටතුළින් හමුවූ රෝගීන් 3480 දෙනාගෙන් 538 දෙනකු ම විදෙස් රටවලින් පැමිණි අය බවයි. 2021 වර්ෂයේ දි කෙ‍ාරෝනා ආසාදිතයන් 52,710ක් වාර්තා වී ඇති බවත් ඉන් 1,593ක් විදෙස් රටවල සිට පැමිණි අය බවත් ඔහු පවසයි.

“යුරෝපා රටවල ව‍ගේම මැද පෙරදිග සිට පැමිණෙන අය අතරත් රෝගීන් වාර්තාවනවා. මේ නිසා අපට විදේශ රවටල සිට පුද්ගලයන් පැමිණීම කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට සිදුවව තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවක් දැනටමත් යළි සංචරණ සීමා දමා තිබෙනවා. ඒ වගේම ගුවන් ගමන් සම්පූර්ණයෙන් ම නවතා දමා තිබෙනවා. කොරෝනා පාලනයේ අපි යම් සාධනීය මට්ටක ඉන්නවා. මෙවන් තත්ත්වයක දී වයිරසය රටතුළට පැමිණීම අවම කරගැනීම සඳහා විදේශයන්හි සිට පැමිණෙන පිරිස් යම් විදියකින් සීමා කිරීමට අපට සිදුවේවි.” යැයි ද වෛද්‍ය සුදත් සමරවීර කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!