spot_img
spot_imgspot_img

ගෑස් ගෑස් පෙන්නයි

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මැයි මාසයේ සිට රුපියල් 195.00ත් 200.00ත් අතර මුදලකින් ඉහළ යන බව රජයේ ආරංචිමාර්ග පවසයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700.00කින් ඉහළ දමන ලෙස ලිට්රෝ සමාගම ඉල්ලා ඇති අතර රුපියල් 655.00කින් වැඩි කරන ලෙස ලාෆ්ස් සමාගම පාරිභෝගික අධිකාරියෙන් වසරක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබිණි.

ලෝක‍ වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමත් ඩොලරයේ අගය වැඩිවීමත් මීට හේතුවී ඇත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයට වඩා සුළු වශයෙන් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල මේ වනවිට අඩු වී තිබේ. මේ වනවිට ඇති මිල ගණන් අනුව තවදුරටත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාදීමට නොහැකි බව එම සමාගම් දෙකම රජයට දැනුම් දී තිබේ.

රජය පවසන්නේ ගෑස් සමාගම් මිල වැඩිකිරීමට අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!