spot_img
spot_imgspot_img

ජනාධිපති දුරකථනයෙන් කියූ කතාව ගැන විජේදාස පොලිස්පතිටත් කියයි

පුවත්

විදෙස්

වරාය නගර සම්බන්ධ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් තමන් ඊයේ (16) දැක්වූ අදහස් හේතුවෙන් ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ තමන්ට කතා කළ බවත් එ් පිළිබඳ තමන් පොලිස්පතිවරයාට දැනුම් දී ලිඛිතව ද කරුණු වාර්තාකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි.

අපි පත්කරගනිද්දී රටේම ජනතාවට ගිහින් කිව්වේ ගමින් ගමටම ගිහින් කිව්වේ මේ ජනාධිපති යටතේ අපේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්නවා විකුලා තියෙන දේවල් අපි ගන්නවා හොරු දූෂිතයෝ ආණ්ඩුවට ගන්නේ නැහැ. හොඳ නීතියේ ආධිපත්‍යය ඇති යහපත් රටක් හදලා දෙනවා කියලා. නමුත් සීනි බදු වංචාවක් වුණා. පිළිකාකාරක සහිත පොල්තෙල් ගෙන්වූ කූඨ ව්‍යාපාරිකයන්ට රජයෙ ආයතන සහයෝගය දුන්නා

වරාය නගරයට පනත් කෙටුම්පතක් හො‍ර රහසේම හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වන අපිව වත් දැනුම්වත් කළේ නැහැ. මේ ගැන මම මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන්ගේ පන්සලේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ පනතේ තියෙන භයානක ප්‍රතිඵල මාධ්‍යයට හෙළිදරව් කළා.

අද උදේ නමයට විතර ජනාධිපතිතුමා මට කතා කළා. අපි රාජ්‍ය නායකයාට ගරු සරු ඇතිව කතා කරනවා. මම බලාපොරොත්තු වුණා එතුමාගේ දේශපාලන පරිනතභාවය අඩු බව දන්නවා. එතුමා කතා කරන්නේ මේ ගැටලු කතා කරලා නිරාකරණය කරගන්න ඕන කොහොමද කියලා කතිවාතක් ඇතිකරගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා කතා කළ භාෂාව ඉතාමත් පහත්, රාජ්‍ය නායකයකුට නොගැ‍ලපෙන අවේගශීලී, ද්වේශයකින්, වෛරයකින් පහත් මට්ටමින් කතා කළා. ඒ නිසා අකමැත්තෙන් නමුත් මටත් සිදු වුණා එතුමා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම එතුමාට ප්‍රතිචාර දක්වන්න. මේක ඉතා නරක දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට රටේ ජනතාව බලපාරොත්තු වෙන්නේ රටේ සහ ජනතාවගේ අයිතිය සුරකින්න. ඒවා ගැන කතා කරපු එක  රදක් විදියට රාජ්‍ය නායකයා දකිනවානම් අපි කොහොමද රට නිවැරදි තැනකට ගෙනියන්නේ. අනික එතුමා වැරදි වැටහීමක්  ඇතිව කතා කළා. මම බැසිල් රාජපක්ෂ ගැන කතා කළා. අද ඊයේ නෙවෙයි හැමදාම ඔහු ගැන මම කියනවා. ඔහු ගැන කියූ දේ එතුමාගේ දරුව්නට අරෝපනය කර‍ගෙන මම කියපු විදියට තමයි කතා කළේ. මම කිව්වා දරුව්න සම්බන්ධ කරගන්න එපා කියලා. වරාය නගරය සමඟ අපේ දරුවන්ට ජීව්ත වෙන්න රටක් නැතිව යන්න ලොකු අවධානමක් තිබෙනවා. මේක කීම හා මාධ්‍යයේ ප්‍රචාරය වීම නිසා ඒ ගැන අවෛ්ගශීලී වෙලා පහත් ආකාරයට මන්ත්‍රීවරුන්ට මේ විදියට චෝදනා කරනවානම් ඒක ඉතා බරපතල කාරණයක්.

අපිපටත් ජනාධිපතිවරයෙක් ඒ විදියට තර්ජනය කරන විට ජීවිතය ගැන ලොකු බයක් තියෙනවා. මේ ගැන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒ වගේම ලිඛිතව කරුණු ඉදිරිපත් කරනවා. මම මොන ආණ්ඩුව සමඟ හිටියත් මම හිතියේ මගේ ස්වාධීන මතයේ. මොකද ආණ්ඩුව කියන එකේ දේශපාලන වහල්ලු හිටිය යුගය වෙනස් විය යුතුයි. කැපුවත් කොළ කැපුවත් නිල් අය නොසිටිය යුතුයි. රටේ ඕනම මොහොතක මම සුදුසු අවස්ථාවක තීන්දු ගන්නවා.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!