spot_img
spot_imgspot_img

වරාය නගර ආර්ථික කොමිෂන් පනත ගැන නීතිඥ සංගමයෙන් මාධ්‍ය ප්‍රකාශයක්

පුවත්

විදෙස්

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ඔවුන් මේ බව පවසන්නේ අද (15) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් 2021 මාර්තු 31 වැනි දා ශ්‍රී නීතිඥ සංගමය විසින් පත්කර තිබූ අතර එම කමිටුවේ නිගමනය අනුව එම නිවේදනය නිකුත්කර ඇත.

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් දින 15ක් වැනි කෙටි කලක් තුළ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය රැස්නොවන කාලසීමාවක එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිළිබඳව නීතිඥ සංගමය බලවත් සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.

ව්‍යවස්ථාවට අනුව පුරවැසියෙක් පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරන්නේ නම් එය පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට, දින 07ක් ඇතුළත සිදුකළ යුතු වුවද අප්‍රේල් 08 වනදා සිට දින 07ක කාලයට සති අන්තයක් මෙන්ම රජයේ නිවාඩු දින තුනක්ද ඇතුළත්ව ඇති බව නීතීඥ සංගමය පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!