-4.8 C
New York

කොරෝනා මළ සිරුරක් දින 18ක් මෝචරියේ

Published:

කොරෝනා සෑදී මියගිය පුද්ගලයකුගේ දේහයක් දින 18ක කාලයක් පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව කොරලවැල්ල පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය ඔක්තෝබර් ම 09 වැනි දා රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත. ඉන් පසු දිගටම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය මාර්තු 29 වැනි දා ගේනදූව  රජයේ රෝහලේ දී මියගියේය.

ඉන් පසු දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා පානදුර මූලික රෝහලට යැවුණු අතර එහි දී එම පුද්ගලයා මියයනවිට ආසාදිතව සිටි බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් මේ දක්වාම ඔහුගේ දේහය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ

මේ පිළිබඳ පානදුර රෝහලේ අධ්‍යක්ෂ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මි‍යගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙවැනි මළ සිරුරක් ගැන තමන්වෙත වාර්තා වී නොමැති බවයි. එබැවින් ඒ පිළිබඳ වහාම සොයා බලන බව ද රෝහල් අධ්‍යක්ෂ පවසයි.

Related articles

Recent articles

spot_img