-4.8 C
New York

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය නවතා දමයි

Published:

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට  ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමට ඩෙන්මාර්කය කටයුතු කර තිබේ.

රුධිර කැටිගැසීම් සිද්ධි වාර්තාවීමෙන් පසු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් ම අත්හිටවූ පළමු යුරෝපීය රට බවට ඩෙන්මාර්කය පත්ව තිබේ. මේ හේතුවෙන් එරට එන්නත්කරණ වැඩසටහන සති කිහිපක් ප්‍රමාදවනු ඇත.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ලබාදීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය එම තීරණයගෙන ඇත. 

කෙසේ වෙතත් රුධිරය කැටි ගැසීම් වාර්තා වී ඇතත් මරණ කිසිවක් වාර්තා වී නැත.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලියන 6.8 ක් ඇමෙරිකානුවන්ට ලබාදී ඇති බවත්, රුධිර කැටි ඇති වී රෝගී වූයේ 6 දෙනකු පමණක් බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img