-4.8 C
New York

ආණ්ඩුවේ දෙදරීමක්. ශ්‍රීලනිප මැයි රැළිය වෙනම පවත්වයි

Published:

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය පොළොන්නරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර මැයි රැළිය ආණ්ඩුවේ සියලු පක්ෂ ඒකාබද්ධ වී වත්නවා ද නැද්ද යන්න පිළිබඳ පසුගිය දා දැඩි කතාබහක් ඇති වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා තිබුණේ තම පක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එසේ වුව ද තවදුරටත් එක්ව කටයුතු කිරීම සඳහා මෙම මැයි දින රැළිය ද ඒකාබද්ධව පැවැත්වීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක හමුවක දී ඒ පිළිබඳ තීරණය කිරීමට ද නියමිතව තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වී ඇත්තේ මෙවර මැයි රැළිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපන් ගම වන පොලොන්නරුවේ පැවැත්වීමටය.

ඒ අනුව ආණ්ඩුවේ තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව ශ්‍රී ලනිපය මෙවර මැයි රැළිය පොලොන්නරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ වනවිට එහි සංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් ලබන 19 වැනි දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ සියලු පක්ෂ අරලිය ගහ මන්දිරයේදී සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිත බව දැනගන්නට තිබේ.

නමුත් මැයි රැළිය පිළිබද මේ වනවිට ශ්‍රීලනිපය ගෙන ඇති තීන්දුවේ වෙනසක් සිදු නොවනු ඇති බවද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img