spot_img
spot_imgspot_img

සුද්දා කඩුගන්නාවේ ගලක් විද්දේ ඇයි ? ඇත්ත කතාව දැනගන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ මහා මාර්ග තැනීමේ ඉතිහාසය පිළිබඳ සළකා බැලූ විට නිතැතින්ම සිහියට නැගෙන්නේ කඩුගන්නාවයි. මහනුවර රාජධානය අල්ලාගත් බ්‍රිතාන්‍යයන් කොළඹ හා මහනුවර අතර මාර්ගයක් ඉදිකළහ. නමුත් මේ ඉදිකිරීමේ දී කඩුගන්නාවේ කළු ගලක් සිදුකරු කර ඒ යටින් යන ආකාරයට අමුතුම ආකාරයෙන් සෑදූ ස්ථානය අදට ද ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්ව ඇති තැනකි.

ඒ කඩු ගන්නාවේ ගල විදපු ස්ථානයයි. බොහෝ දෙනකු පවසන්නේ මේ ස්ථානයේ ගල විද්දේ නැත්නම් අදටත් මහනුවර ජනතාව කොළඹ නොඑන බවයි. “හොඳ වෙලාටව සුද්දා ගල විද්දේ” යැයි මහනුවර හෝ උඩරට ජනතාවට අවඥා කිරීමට අවශ්‍ය වූ විට බොහෝ දෙනකු කියන කතාවකි.

අපේ රටේ ජනතාව සිතා සිටින දෙයත් ඇත්තටම සිදුව ඇති දෙයත් එකිනෙකට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධය. සුද්දා ගල විද්දේ ඇයිදැයි නිවැරදිව නොදැන බොහෝ දෙනකු  කඩුන්නාවේ සිදුරු කර ඇති ගල පදනම් කරගෙන උඩරට ජනතාවට නිගරු කරති. ඇත්ත කතාව වෙනකකි.

මහනුවර කොළඹ මහා මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 1820 වර්ෂයේදීය. එය කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

මහනුවර රාජධානිය පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ලෝකයේ ඉතාමත් බලවත් කිසිදු ජාතියකට අල්ලා ගැනීමට පහසු වූයේ නැත. කොළඹ සිට මහනුවරට මහ වන මැදින් දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරන විට කඩුගන්නාව ආසන්නයේ ඇති බලන දුර්ගය පසුකිරීම ඉතා අපහසු කටයුත්තක් වී තිබිණි.

බලන දුර්ගයේ සිංහල රජු විසින් ඉදිකර තිබූ කුඩා බළකොටුවේ සිටි සිංහල හමුදාවේ කුරිරු ප්‍රහාරයන් හේතුවෙන් අවස්ථා ගණනාවක් ම මේ යුරෝපීය ජාතීන්ගේ හමුදා මුළු මනින්ම විනාශ වී ගියේය.

බලන හා කඩුගන්නාව හරහා ගොස් මහනුවර රාජධානිය අල්ලා ගැනීමටනම් කඩුගන්නාවේ ගලක් සිදුරුකර ඒ තුළින් හමුදාව උඩරට රාජධානය වෙත යැවිය යුතුයැයි බලවත් විශ්වාසයක් තිබිණි. නැතිනම් උඩරට අල්ලාගත නොහැකි බවත් අල්ලාගත්තත් නැවත දමා ඒමට සිදුවන බවත් යුරෝපීයයන් අතර ජනප්‍රිය කතාවකි.

ඉංග්‍රීසීන් 1815 දී සිංහල නායකයන්ගේ ද සහායෙන් උඩරට අල්ලාගත්ත ද ඔවුන්ට තිබූ බලවත් සැකයක් වූයේ කවර හෝ මොහොතක යළි උඩරට රාජධානිය අතහැරීමට සිදුවනු ඇතැයි යන්නයි. මේ නිසාම උඩරට බලය තහවුරු කරගැනීම සඳහා මාර්ගයක් තැනීමට තීරණය කළ බ්‍රිතාන්‍යයෝ පැරණි විශ්වාසය තරයේ අදහමින් කඩුගන්නාවේ දී ගල් පර්වතයක් කඩා ඉවත් නොකර එය සිදුරුකර මාර්ගය ඒ තුළින් යැවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!