spot_img
spot_imgspot_img

අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී

පුවත්

විදෙස්

සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන් අනතුරුව උපවාස කාලය අතහරිනු ලැබේ.

අලුත් අවුරුදු උදාවත් රමාසාන් උපවාස කාලය ආරම්භයත් එකවිට සිදුවීම මෙවර ඇති විශේෂත්වයකි. මේ අනුව අද දිනය සිංහල, හින්දු සහ ඉස්ලාම් ආගමිකයන් සියලු දෙනාට එක සේ වැදගත් දිනයක් වීම විශේෂත්වයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. එම උපදෙස් මාලාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පිරිස්වලට පමණක් දේවස්ථානවෙත ගොස් යාඥා සඳහා සහභාගී  වීමට හැකිවන අතර අනෙක් සියලු දෙනා නිවෙස්වල රැඳී සිටිමින් ආගමික කටයුතුවල නිරතවිය යුතුය.

ඉස්ලාම් දේවස්ථාව තුළ ආගමික වතාවත් සිදුකරන කාලයේ දී ද මීටරයක් පරතරය තබාගත යුතුයැයි එම නිර්දේශවල දක්වා ඇති අතර එක් යාඥා මෙහෙයක් සඳහා සහභාගීවීමට අවසර ඇත්තේ බැතිමතුන් 100ක පිරිසකට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!